How to install PostgreSQL on Ubuntu 16.04

mysql වගේම ගොඩ දෙනෙක්ට ඕනි වෙන දෙයක් තමයි postgresql කියන්නේ. දැන් බලමු ubuntu 16.04 වලට postgresql install කරල configure කරන හැටි.

Install PostgreSQL

මුලින්ම update කරන්න. ඊළගට postgresql හා postgresql-contrib package දෙක install කරන්න.

sudo apt-get update

sudo apt-get install postgresql postgresql-contrib

postgresql install කරද්දී default user විදිහට හැදෙන්නේ postgres ව දැන් එකට password එකක් දාල ඉමු.

sudo passwd postgres

මේ command එකෙන් පස්සේ password එක දෙන්න ඕනි (type කරන password එක පෙන්නේ නෑ ?)

root@instance-1:~# sudo passwd postgres
Enter new UNIX password: 
Retype new UNIX password: 
passwd: password updated successfully

මෙතනදී අපි password එක දැම්මේ postgres කියන linux user ට දැන් අපි postgres කියන data base user ට password එකක් set කරමු.මෙතැනදී මුලින්ම postgres කියන linux user ට log වෙන්න ඕනි.ඊළගට psql එකට log වෙන්න ඕනි.

su - postgres
psql
ALTER USER postgres WITH PASSWORD 'newpassword';
root@instance-1:~# su - postgres
postgres@instance-1:~$ psql
psql (9.5.14)
Type "help" for help.

postgres=#ALTER USER postgres WITH PASSWORD 'newpassword';
ALTER ROLE

newpassword කියන තැනට ඔනිකරන password එක දෙන්න.
(මෙතනදී අපි මුලින්ම password එක දුන්නේ postgres කියන linux user ට linux user ට access කරන්න පුළුවන් database එක. ඒ කියන්නේ PostgreSQL එක. ඊළගට අපි  password එක දුන්නේ postgres කියන postgresql database user ට එයට පුළුවන් database එක ඇතුලේ වැඩ කරන්න.)

Configure PostgreSQL

මීලගට බලමු pgadmin එකෙන් remotely access කරන්න පුළුවන් වෙන විදිහට configure කරන විදිහ.

pg_hba.conf හා postgresql.conf කියන file 2ක edit කරන්න ඕනි පහත තියෙන විදිහට.

nano /etc/postgresql/9.5/main/pg_hba.conf

මේ විදිහට pg_hba.conf file එක ඇතුලට ගිහින් පහලම කොටසට මේ කොටස එකතු කරන්න.

pg_hba.conf

# host       DATABASE  USER  ADDRESS  METHOD  [OPTIONS]
host           all     all     all      md5 

ඊළගට postgresql.conf file එක edite කරන්න.කලින් ගියවිදිහටම ගිහින්.

nano /etc/postgresql/9.5/main/postgresql.conf

postgresql.conf file එක ඇතුලට ගිහින් listen_addresses කියන තෙනට ‘localhost’ වෙනුවට ‘*’ කියල edite කරන්න.

postgresql.conf

listen_addresses = '*'     # what IP address(es) to listen on;
                           # comma-separated list of addresses;
                           # defaults to 'localhost'; use '*' for all

මෙතැනදී කරේ මොකක්ද කියන එක තෙරුන්ගන්න නම් මේ edite කරපු file දෙකේම තියෙන විස්තරේ ටිකක් කියවල බලන්න. දැන් postgresql එක  resart කරන්න.

sudo service postgresql restart

ඔන්න install කරලා pgadmin 3 හෝ pgadmin 4 එකෙන් remotely access කරන්න පුළුවන් විදිහට configure කරලත් ඉවරයි.
දැන් pgadmin එකට පහල තියෙන විදිහට add කරගන්න.host name එකට ip එකයි, password එකට අපි database user ට දුන්න password එකයි දෙන්න.(newpassword කියල දුන්න එක.)
ඉදිරි ලිපියකින් කියන්නම් command line එකෙන්ම sql වැඩ කරන හැටි.  ?

Share This